විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආපනශාලා පවත්වාගෙන යාමේ පිරිවැය සීඝ්‍රයෙන් ඉහළ යාම නිසා අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පියවර ගෙන තිබේ.
ඒ අනුව ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5.00කින් සහ කිරි තේ කෝප්පයක මිල රුපියල් 5.00කින් ඉහළ දමා ඇත. මීට අමතරව කෙටි කෑම (Short Eats) වර්ගවල මිල රුපියල් 10.00කින් ඉහළ නංවා ඇති අතර, ජනප්‍රිය ආහාර වර්ග වන ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30.00ක මුදලකින් ඉහළ නැංවීමට එම සංගමය තීරණය කර තිබේ. පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද මෙලෙස ආහාර මිල ගණන් ඉහළ දැමීමට සිදුවූයේ ආයතන පවත්වාගෙන යාමේදී දැරීමට සිදුවන අධික විදුලි බිල හේතුවෙන් බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.














