මෙම වසරේ මුල් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.
ඒ අනුව පවතින පිරිවැය කළමනාකරණය කරගැනීම සඳහා විදුලි ගාස්තුවල 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ දැමීමක් සිදුකළ යුතු බව මණ්ඩලය පෙන්වා දෙයි.
2026 වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන මාස 03ට අදාළවයි මෙම ගාස්තු සංශෝධනය යෝජනාකර ඇත්තේ
අදාළ කාලය තුළ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් මිලියන 13,094ක් ලෙස ඔවුන් විසින් ඉදිරි පත් කර ඇති යෝජනාවලියේ සටහන් කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කර තිබෙන්නේ
මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සමාලෝචනය කිරීමෙන් පසු ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බවයි.
ඒ අනුව ජනවාරි මස 02වන සතිය වන විට මහජන උපදේශනයේ කටයුතු ආරම්භ කෙරෙන අතර සති 06ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය දැනුම්දීමට පියවර ගන්නා බව එම කොමිසම පවසා තිබෙනවා.












