විදුලි බිල අඩු කිරීමේ සංශෝධීත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, මේ වනවිට ඊට අදාළ දත්ත සමාලෝචනය අවසන් කර ඇති බවයි.
ඒ අනුව කොපමණ ප්රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද දිනයේ අවසන් ගණන් තැබීම් සිදු කරන බව ද විදුලි බල මණ්ඩලය ප්රකාශ කළේය.
සංශෝධිත යෝජනාවලිය භාර දීමෙන් පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගනු ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය විදුලි බිල අඩු කිරීම සඳහා මීට පෙර යෝජනාවලියක් ඉදිරිපත් කළ ද එය සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන්නැයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නේය.
නව සංශෝධිත යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුවයි.