විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් සහ විදේශිකයින් සතු වලංගු විදෙස් රියදුරු බලපත්‍ර මත පදනම්ව, මෙරට භාවිතය සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව තවදුරටත් පුළුල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයෙන් සහ කටුනායක ගුවන් තොටුපළෙන් පමණක් ලබාදුන් මෙම සේවාව, දැන් පහත ප්‍රාදේශීය කාර්යාලවලින්ද ලබාගත හැකිය:
– කුරුණෑගල
– හම්බන්තොට
– ගම්පහ
– අනුරාධපුර
– යාපනය
මෙම පහසුකම හරහා විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට තම ප්‍රදේශයට ආසන්න මධ්‍යස්ථානයකින් සේවාව ලබාගැනීමට අවස්ථාව සැලසේ.














