පෙබරවාරි 05 – අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක දිය නාමින් සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර, ඔහු තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පවසයි.
විමර්ශනවලට අනුව, හෝටල් පරිශ්‍රයේ දිය නාමින් සිටියදී ඔහු එක්වරම දියේ ගිලී ඇති අතර පසුව රෝහල් ගත කළද ඒ වන විටත් මියගොස් සිටි බව වාර්තා වේ. දේහය මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුර සිදු වූ ආකාරය පිළිබඳව අවිස්සාවේල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














