8 September 2024
#දේශීය #පුවත් #වෙනත්

විමල්ගේ “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම 16 වැනිදා

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත,”රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) 2024 මැයි මස 16 වැනිදා සවස 3:00ට සිදු කිරීමට නියමිතය.

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම කෘතිය ජනගත කිරීමේ උළෙලෙහි ආරාධිත දෙසුම් සඳහා ඇරයුම් ලැබ සිටිති. කතුවර දේශනය විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *