නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අද (14) උදෑසන පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණය විසින් හිටපු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු නිකුත් කරන ලදී. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත්, වරෙන්තුව නිකුත් කර සුළු වේලාවකට පසු විමල් වීරවංශ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. තමාට අධිකරණයට පැමිණීමට ප්‍රමාද වූයේ මඟදී ඇති වූ රථවාහන තදබදයක් හේතුවෙන් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට කරුණු පැහැදිලි කළහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා, විමල් වීරවංශ මහතාට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළේය. අනතුරුව නඩුව නැවත කැඳවීම සඳහා වෙනත් දිනයක් නියම කරන ලදී.














