ඔස්ට්‍රියාවේ පදිංචි ලාංකික කාන්තාවක සමඟ මුහුණුපොත හරහා මිතුරු වී, ඇය විවාහ කරගන්නා බවට පොරොන්දු දී රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන ගුවන් හමුදා සෙබළෙකු තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ගුවන් හමුදා කඳවුරේ රාජකාරී කරනු ලබන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිස් විමර්ශනවලට අනුව, අදාළ කාන්තාව මීට මාස කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති අතර සැකකරු සමඟ විවිධ ස්ථානවල සංචාරය කර තිබේ. එම කාලය තුළ ඇයගෙන් ලබාගත් රුපියල් 11,734,081 ක මුදලක් සැකකරු විසින් වියදම් කර ඇති බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














