රට පුරා සිටින විශ්‍රාමිකයින් අද දින ජනාධිපති කාර්යාලය අසලදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ එළඹෙන වසරේ අයවැයෙන් සහන ඉල්ලමිනුයි.
20/24 විශ්‍රාමික එකමුතුවේ ලේකම් කාන්ති බටවල සඳහන් කළේ 2020/ 2024 කාලයේදී රාජ්‍ය සේවයේ විශ්‍රාම ගොස් සිටින විශ්‍රාමික හිමිකම් අහිමිවූවන් පිරිසක් මෙම විරෝධතාවයට එක්වන බවයි.
කෙසේවෙතත් විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක්මංතීරුවක් අවහිර වී ඇතැයි වාර්තා වනවා.
එලෙස අවහිර වී ඇත්තේ, ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුවයි.