• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්වය තුළ සිතාගත නොහැකි විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

29 October 2025
in දේශීය, පුවත්, විශේෂාංග
විශ්වය තුළ සිතාගත නොහැකි  විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

අමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය 3I/ATLAS ලෙස හඳුන්වන දුර්ලභ වල්ගා තරුවක් මේ දිනවල විශාල කතා බහකට ලක්ව තිබෙනවා.
මේ පිළිබඳව වැඩි අවධානයක් ලබා දෙමින් නාසා ආයතනය මෙය අධ්‍යයනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එය අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරමින් සිටිනවා.
3I/ATLAS අඟහරුගේ කක්ෂය තුළ සූර්යයාට ආසන්නතම ස්ථානයට හෙට ළඟා වනු ඇති බවයි නසා ආයතනය පවසන්නේ.
තාරකා විද්‍යාඥයින් මෙම වස්තුව අන්තර් තාරකා ලෙස වර්ගීකරණය කර ඇත්තේ එහි කක්ෂීය මාර්ගයේ අධිබල හැඩය නිසා.
3I/ATLAS හි කක්ෂයේ අතීතය සොයා ගත් විට, වල්ගා තරුව පැහැදිලිවම අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට ආරම්භ වන බවට තොරතුරු වාර්තා වනවා.

මෙමඟින් පෘථිවියට කිසිදු තර්ජනයක් එල්ල වන්නේ නැහැ.
එය පෘථිවියට බොහෝ දුරින් පවතිනවා.
මෙම වල්ගා තරුව අපගේ ග්‍රහලෝකයට ළඟා වන ආසන්නතම ස්ථානය තාරකා විද්‍යාත්මක ඒකක 1.8 ක් එනම් සැතපුම් මිලියන 170 ක් හෝ කිලෝමීටර මිලියන 270 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
අන්තර් තාරකා වල්ගා තරුවේ ප්‍රමාණය සහ භෞතික ගුණාංග ලොව පුරා තාරකා විද්‍යාඥයින් විසින් විමර්ශනය කරමින් සිටිනවා.
3I/ATLAS 2025 සැප්තැම්බර් මාසය දක්වා භූගත දුරේක්ෂවලට දෘශ්‍යමානව පැවතියා.
ඉන් පසුව එය නිරීක්ෂණය කිරීමට නොහැකි තරම් සූර්යයාට ආසන්නව ගමන් කිරීම දක්නට ලැබුණා.
එය 2025 දෙසැම්බර් මස මුල් භාගය වන විට ප්‍රතෘවියට වඩාත් හොඳින් දිස්වන බවයි වාර්තා වන්නේ.
එමඟින් අලුත් නිරීක්ෂණ සඳහා ඉඩ සැලසෙනු ඇති බවට තාරකා විද්‍යාඥයින් මත පල කරනවා.

3I/ATLAS වල්ගා තරුව එය සොයාගත් ATLAS සමීක්ෂණ කණ්ඩායම නමින් නම් කර තිබෙනවා.
“I” යන්නෙන් අදහස් කරන්නේ “අන්තර් තාරකා” යන්නයි.
එය අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට පැමිණි බව පෙන්නුම් කරනවා.
මෙය අප දන්නා තුන්වන අන්තර් තාරකා වස්තුවයි.
එම නිසා එම නමට අංක “3” එක්කර තිබෙනවා.

ලොව පුරා තාරකා විද්‍යාඥයින් 3I/ATLAS හි ප්‍රමාණය සහ ගුණාංග අධ්‍යයනය කරමින් සිටිනවා.
නාසා ආයතනයට අනුව, පවතින නිරීක්ෂණවලින් පෙනී යන්නේ වල්ගා තරුවේ න්‍යෂ්ටිය කිලෝමීටර 5.6 ට වඩා විශාල නොවන බවයි.
වල්ගා තරුවට ක්‍රියාකාරී වන අතර අයිස් සහිත න්‍යෂ්ටියක් පවතිනවා.
එයට කෝමාවක් ද තිබෙනවා.
මෙය සූර්යයාට ආසන්න වන විට සෑදෙන වායු සහ දූවිලි වලින් සමන්විත දීප්තිමත් වලාකුළක්.
මේ හේතුවෙන් තාරකා විද්‍යාඥයින් එය ග්‍රහකයක් ලෙස නොව වල්ගා තරුවක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් අද මෙය සූර්යයාට ආසන්නම ලක්ෂ්‍යයකින් ගමන් කිරිම හේතුවෙන් සූර්ය තාපය නිසා, 3I/Atlas ගෙන් පිටතට වායූන් වර්ග කාන්දු වීම, දූවිලි අංශු පිටවීම, ආලෝකය වෙනස් වීම් ආදිය නිරීක්ෂණය කිරීමට හැකියාව පවතින බව විදඥයින් පවසනවා.

ඇතැම් අය පවසන්නේ මෙම වස්තුව සෞරග්‍රහ මණ්ඩලයට අයිති නැති වෙනත් සිදුවීමක්ද යන්න මේ වන විට සැක පහල වී ඇති බවයි
මෙය සෞරග්‍රහ මණ්ඩලයට අයිති නැති වෙනත් ස්ථානයක සිට පැමිණි පිටසක්වල ආගන්තුකයෙක් ද යන්න පිළිබඳවද විවිධ මත පලව තිබෙනවා.

3I/Atlas අභ්‍යවකාශ වස්තුව , පිටසක්වල යානයක් බවට පැවසීමට විවිධ න්‍යායන් හේතු වී ඇති බව පෙනී යනවා.
ඒ මෙහි දක්නට ලැබෙන වායුමය වලිගය,ආ⁣ලෝකයේ සිදුවන වෙනස්කම්, මෙයින් නිකුත්වන යම් ස්පන්දයක් වැනි තරංගයන් නිකුත් වීම නිසයි.
මෙය තුල ජලය, කාබන් සහ තවත් විවිධ වායුන් අඩංගු බව සොයාගෙන තිබෙනවා.
එමනිසා මෙය යම්කිසි කෘතිම අභ්‍යවකාශ වස්තුවක් වියහැකි බවට ඇතමුන් අනුමාන කරනවා.

මෙම බොහොමයක් ලක්ෂණ වල්ගා තරුවලත් දක්නට ලැබෙනවා.
එම නිසා මෙය වල්ගාතරුවක් වෙන්න පුලුවන් කියන අයත් ඉන්නවා.

ඉතින් මේ 3I/Atlas පිටසක්වල ලෝකයක යානයක් විය හැකිද?
නැතිනම් බොහෝ කලකට පෙර විනාශ වී ගිය ශිෂ්ඨාචාරයක ඉතුරු වූ සාක්ෂියක් වියහැකිද?
එසේත් නැතිනම් වල්ගා තරුවක් විය හැකිද?  ඒ පිළිබදව තවමත් සොයාගෙන නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරියේ  දි අනාවරණය වන සියලු තොරතුරු ඔබට කියන්නට අපි සූදානම් … 

 

Post Views: 13
Previous Post

හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්වය තුළ සිතාගත නොහැකි  විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

විශ්වය තුළ සිතාගත නොහැකි විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

29 October 2025
හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

29 October 2025
සංචාරක පැමිණිම ඉහළට

සංචාරක පැමිණිම ඉහළට

29 October 2025
ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

29 October 2025

Recent News

විශ්වය තුළ සිතාගත නොහැකි  විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

විශ්වය තුළ සිතාගත නොහැකි විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

29 October 2025
හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

29 October 2025
සංචාරක පැමිණිම ඉහළට

සංචාරක පැමිණිම ඉහළට

29 October 2025
ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

29 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වය තුළ සිතාගත නොහැකි  විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

විශ්වය තුළ සිතාගත නොහැකි විශාල අභිරහසක් – නිහඬ අමුත්තා පිටසක්වලයෙක් ද ?

29 October 2025
හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් අධිකරණයට

29 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved