• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වීඩියෝ කරන්න දුන්නු නිදහසින් සමහරු අයුතු ප්‍රයෝජන ගන්නවා

12 November 2024
in දේශීය
වීඩියෝ කරන්න දුන්නු නිදහසින් සමහරු අයුතු ප්‍රයෝජන ගන්නවා
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරීන්ගේ අනීතික ක්‍රියාවන් වීඩියෝ කිරීමට මහජනතාවට දී ඇති අවසරය අවභාවිත කරමින් අපරාධ, ළමා අපචාර මෙන්ම විවිධ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් වීඩියෝ කිරීම් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් විමර්ශනවලට ද බාධා සිදුකරමින් වීඩියෝ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පසුගියදා නියෝග කර ඇත.

සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටද මේ පිළිබඳ නියෝගය ලබාදී ඇත

පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරි මෙන්ම නිලධාරින්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දෙන ලෙසත් වීඩියෝ කරන පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම් නොකොට ඔවුන්ගේ ජංගම දුරකතනද පොලිසිය භාරයට නොගන්නා ලෙසත් දන්වමින් පොලිස්පතිවරයා විසින් නියෝගයක් සිදුකර සිටියේ පසුගිය 30 වැනිදාය.

ඇතැම් නිලධාරින් නීති විරෝධී සදාචාර විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් වීඩියෝ කිරීමට නීතියෙන් ඉඩඇති බවද එම නියෝගය මගින් අවධාරණය කර ඇත.

එහෙත් එම පණිවුඩය සමාජගතවීමෙන් පසුව බොහෝ පිරිස් පවුල් ආරවුල් පවා වීඩියෝ ගතකරන බවත් පොලිස් ස්ථාන තුළ හා පිටත සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම් මෙන්ම ළමා අපචාර සිදුවීම්වලට අදාළ විමර්ශනද වීඩියෝ ගතකිරීමට පටන්ගෙන ඇති බවත් විශේෂයෙන් පුද්ගලික කාරණාවලට අදාළ විවිධ පැමිණිලි විභාග කරන අවස්ථාවලදීද තැනැත්තන් අගතියට පත්වන ආකාරයෙන් වීඩියෝ ගතකරන බවට නිරීක්ෂණය වී ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය (06 වැනිදා) පොලිස් ප්‍රධානීන් හා ස්ථානාධිපතිවරුන් වෙත යවන ලද ලිපියේ සඳහන්ව ඇත.

මේ හේතුවෙන් වීඩියෝ ගතකිරීමේ අවස්ථාව අවභාවිත කරමින් ක්‍රියාකරන පුද්ගලයන්ට කරුණු පැහැදිලි කර දී එම ක්‍රියාවන් නවතන ලෙසත් ඊට අවනත නොවන පුද්ගලයන් වේ නම් අධිකරණ වෙත කරුණු වාර්තා කර නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙමගින් දැනුම් දී ඇත.

Post Views: 10
Previous Post

අනීතික ෆාමසි ලියාපදිංචිය ගැන පැසසුම්

Next Post

ගුවන් තැපෑලෙන් ආ විදෙස් දුම්වැටි තොගය

Editor TTV News

Editor TTV News

Next Post
ගුවන් තැපෑලෙන් ආ විදෙස් දුම්වැටි තොගය

ගුවන් තැපෑලෙන් ආ විදෙස් දුම්වැටි තොගය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved