සජබ සාමාජිකයන් විසින් තරුණ සේවා සභාව දේශපාලනීකරණයට ලක් කර තිබෙන බව නාගරික සංවර්ධන ඉදිකිරිම් හා නිවාස අමත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ අද (07) දඹාන “නිදිකුම්ඹාමුල්ල” ආදිවාසී ගම්මනයේ ආදිවාසී ජනතාව වෙනුවෙන් නිවාස 25ක් සෑදිම සඳහා මුල් ගල තැබීමේ උත්සවයකට සහභාගී වෙමින්.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවා.
“ඊයේ කොළඹට ඇවිත් තරුණසේවා සභාව දේශපාලනීකරනය වෙනවා කියලා කෑ ගැහුවේ සජබ මන්ත්‍රිවරු, පොහොට්ටුවේ මන්ත්‍රිවරු පරාජිත දේශපාලන පක්ශවල ප්‍රාදේශියව හිටපු මන්ත්‍රිවරු.
තරුණසේවා සභාව අමු දේශපාලනී කරණයක් කරේ එයාලා. වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න ඒපා. අපි රටේ මුදල් ඉතුරුකරලා එයාලු මුල් ගල තියලා ආරම්භ කරලා
හදාගන්න බැරුව නතරකපු නිවාසත් එකක් නිවාස 25කට අද අපි මුල් ගල තියලා ආරම්භ කරා ඔබ සතුටු වෙන්න ඔ්න වැටිලා තිබ්බා කිව්ව රට බංකොලොත් කිව්ව රට අද අපි මේ වෙනස් කරමින් ඉන්නේ.”