• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වී ගොවීන්ගේ පොහොර සහනාධාරය 25,000කට වැඩි කරයි

27 September 2024
in දේශීය, පුවත්
වී ගොවීන්ගේ පොහොර සහනාධාරය 25,000කට වැඩි කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට දුන් රුපියල් 15,000 පොහොර දීමනාව රුපියල් 25,000ක දක්වා වැඩි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දෙයි.

එමෙන් ම, ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමටත් තීන්දු කර ඇති අතර මෙම සහනාධාර ඔක්තෝබර් 1 වන දා සිට ක්‍රියාත්මක ය.

ඒ අනුව, මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000ක පමණ වූ පොහොර සහනාධාර දීමනාව ඒ අනුව රුපියල් 25,000 දක්වා වැඩි වනු ඇත.

කාර්යක්ෂම හා ඵලදායී ලෙස එම සහනාධාරය ගොවීන් වෙත ලබා දීම සඳහා අදාළ මුදල් සෘජුව ම ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කෙරේ.

නිවැරැදි කෘෂි යෙදවුම් කළමනාකරණයක් අරමුණු කර ගනිමින් සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම් ලබාදීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික හා කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර ලබා දීම පිළිබඳ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන අතර ඒ අනුව මෙම පියවර ගෙන ඇත.

මේ අතර, අඩාල වී ඇති ධීවර කර්මාන්තය නගාසිටුවා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට ඔක්තෝබර් 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ද ජනාධිපතිවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට කටයුතු කෙරේ.

මෙම සහනාධාරය ද සෘජුව ම ධීවරයන්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කරනු ඇත.

ධීවර කර්මාන්තය තිරසර හා පරිසර හිතකාමී ලෙස සංවර්ධනය හා කළමනාකරණය කිරීමටත්, ඒ තුළින් මත්ස්‍ය නිෂ්පාදනය සුලබ කිරීම හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා ගත හැකි තත්ත්වයකට පත් කිරීමත් කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් පිළිබඳ නව රජයේ ප්‍රතිත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

ඒ අනුව, දැනට දැඩි පසුබෑමකට ලක් වී ඇති සමුද්‍රීය ධීවර කටයුතු යථාවත් කිරීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කරනු ඇත.

Post Views: 8
Previous Post

ජවිපෙට බලයට එන්න පාර කැපුන හැටි චන්ද්‍රිකා හෙළි කරයි

Next Post

මහ ඡන්දයේදී දෙමළ මුස්ලිම් පක්ෂ එක්ව තරග කිරීමේ සූදානමක්!

Editor TTV News

Editor TTV News

Next Post
මහ ඡන්දයේදී දෙමළ මුස්ලිම් පක්ෂ එක්ව තරග කිරීමේ සූදානමක්!

මහ ඡන්දයේදී දෙමළ මුස්ලිම් පක්ෂ එක්ව තරග කිරීමේ සූදානමක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved