ඩොනල්ඩ් ට්‍රම්ප් “2026 ජනවාරි මාසයේ වත්මන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා” ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සංස්කරණය කරන ලද විකිපීඩියා පිටුවක මෙන් හැඩගස්වා ඇති රූපයක් truth social සමාජ මාධ්‍ය වෙත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහුගේ නිල ඡායාරූපය ප්‍රදර්ශනය කර ඇත්තේ එක්සත් ජනපදයේ 45 වන සහ 47 වන ජනාධිපතිවරයා ලෙසයි.
නමුත් සැබෑ විකිපීඩියා පිටුවේ ට්‍රම්ප් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස ලැයිස්තුගත කර නැහැ.
කිසිදු ජාත්‍යන්තර ආයතනයක් ද එය පිළිගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව වෙනිසියුලානු වේලාවෙන් පසුගිය 03 වනදා අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළා.
මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයක්.
එහිදී අමෙරිකානු හමුදාව වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අත්අඩංගුවට ගෙන අමෙරිකාවට රැගෙන ගියා.
එම සිද්ධි දාමයෙන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සටහන පල කර තිබෙනවා.
මෙහෙයුමෙන් පැය කිහිපයකට පසු, ආරක්ෂක ගැටළු සහ පාලිත සංක්‍රාන්තියක අවශ්‍යතාවය සඳහන් කරමින් එක්සත් ජනපදය වෙනිසියුලාව තාවකාලිකව “පවත්වන” බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.
මෙම අන්තර් කාලීන කාලය තුළ එක්සත් ජනපදය වෙනිසියුලානු තෙල් අධීක්ෂණය කර ගෝලීය වෙළඳපොළට අලෙවි කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබුණා.














