අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ.
මෙවර අයවැය යෝජනා හරහා දීමනා කප්පාදු වීම, වැටුප් විෂමතා ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙසේ වැඩවර්ජන ක්‍රියාත්මක කෙරෙන බව රවී කුමුදේශ් මහතා පැවසිය.
ඒ අනුව අද පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේය.
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් මෙම වැඩවර්ජනය සඳහා සහාය පළකර ඇත.