සැතපුම් 2,000කට වඩා අධික දුරක් දින 109ක් පුරා ඇමරිකාව හරහා ගමන් කළ ‘සාමය සඳහා වූ පා ගමන’ වොෂින්ටන් නුවරින් අවසන් වූ අතර, එහිදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව එක්ව මහා සංඝරත්නය උදෙසා උණුසුම් පිළිගැනීමක් පිරිනමන ලදී. ටෙක්සාස් ප්‍රාන්තයෙන් ඇරඹි මෙම ඓතිහාසික චාරිකාවට සහය පළ කරමින් තානාපති මහින්ද සමරසිංහ මහතා ඇතුළු පිරිස පා ගමනට සක්‍රීයව එක්විය.














