• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රමිකයන්ගේ ආර්ථික නවීකරණය කරන්න සුදානම් – අගමැති

21 August 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ශ්‍රමිකයන්ගේ ශිල්පීය ඥානය වැඩි කරමින් අඩු වේතන ලබන ආර්ථිකයක් වෙනුවට වැඩි වේතන ලබන ආර්ථිකයක් කරා රට යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹ නාරාහේන්පිට පිහිටි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශ පරිශ්‍රයේ ඉදිකරන ලද මෛහෙවර පියසෙ කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

ශ්‍රමිකයන් ආර්ථික නවීකරණය සඳහා සූදානම් කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා නවීකරනය යොදා ගෙන මෙරට අපනයන ආර්ථිකයක් බවට පත්කරන බව සඳහන් කළේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ” 1970 වර්ෂයේ ආරම්භ කළ කම්කරු ලේකම් කාර්යාලයේ ඉඩකඩ අවම වීම නිසා නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව ඇති වුණා. මෙම අමාත්‍යාංශය රටට විශාල නිහඬ මෙහෙයක් සිදුකරනවා. ඒ නිසා මේ ආයතනයේ වැඩකටයුතු පිළිබඳව මාධ්‍ය තුල වැඩි ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ සහයෝගය නොමැතිව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකියි. විශාල සේවක පිරිසක් වෙනුවෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, කම්කරු ආරවුල් විසදීම, සමාජ ආරක්ෂණ ලබාදීම වැනි වැඩකටයුතු සිදු නොවුනහොත් කාර්මික හා සේවා ක්ෂේත්‍රවල ගැටලූ ඇතිවිය හැකියි. එම වැදගත් වැඩකොටස ඔබ විසින් සිදු කරන බව සඳහන් කළ යුතුයි. කර්මාන්ත හා අනෙකුත් ක්ෂේත්‍ර ගණනාවක සේවයේ නිරත ලක්ෂ ගණනක් වූ සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සේවක ආරක්ෂණය ලබාදීම වගේම අවශ්‍ය අවස්ථාවන්හිදී සේවක ආරවුල් වලට මැදිහත් වීම වැනි විශාල වැඩකටයුත්තක් මේ ආයතන හරහා සිදුවෙනවා. එම වැඩකටයුතු අතපසු වුවහොත් විශාල ගැටලූ ප්‍රමාණයක් ඇතිවෙනවා. මේ අමාත්‍යාංශය තුලින් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන සියලූ දෙනාටම මගේ ස්තුතිය පළ කරනවා. 1977 වර්ෂයේ ආර්ථිකය විවෘත කිරීමත් සමඟ විශාල ලෙස රටේ සේවක සංඛ්‍යාව ඉහල ගියා. විවෘත ආර්ථිකයට පෙර විශාල පිරිසක් කෘෂි කර්මාන්තයේත්, සුළු පිරිසක් රාජ්‍ය හා පෞද්ගලික අංශයේත් සේවයේ යෙදී සිටියා. 1977 වසරේ සිට අද දක්වා කාලය තුල එම පිරිස විශාල ලෙස ඉහල ගොස් තිබෙනවා. ආර්ථිකය දියුණු වීමෙන් වැඩිවන සේවක සංඛ්‍යාවට ඇතිවන ගැටළු ප්‍රමාණයත් ඉහල යනවා. ඒ නිසා එම ගැටළුවලට ඉක්මන් විසදුම් ලබාදීමත් අවශ්‍ය වෙනවා. ඒ වගේම සේවක පිරිස ඉහල යාමත් සමග සේවක ආරක්ෂණය ඇති කිරීම හා ඔවුන් ආර්ථික නවීකරණයකට සූදානම් කිරීමත් අවශ්‍ය වෙනවා.

මහා පරිමාණ, මධ්‍යම පරිමාණ, සුළු පරිමාණ ව්‍යාපාර හරහා ලෝකයත් සමග එකතු වී ආර්ථිකය දියුණු කිරීමට කටයුතු කළ යුතුයි. කර්මාන්තශාලා, වෙළෙඳ සංකීර්ණ, සේවා ආයතන, රාජ්‍ය සේවය, විදෙස් ශ්‍රමිකයින් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරත විශාල පිරිසකගේ සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ආරවුල් විසදීම, සමාජ ආරක්ෂණ ඇතිකිරීම ඇතුළු විශාල වැඩකොටසක් මෙම ආයතනය මගින් සිදුවනවා. එහිදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කරන පිරිසට මෙම ආයතනයෙන් ලබාදිය යුතු සේවය පිළිබඳව අළුතින් සිතිය යුතුව තිබෙනවා.

විවෘත ආර්ථිකය මගින් දේශීය හා විදේශීය ආයෝජන ලබාගෙන ඒ තුලින් ඇතිවන ආයතනවල සේවය කරන පිරිසට මෙම අමා්‍යාංශය තුලින් සේවා සැපයිය යුතුයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් පහ එකට එක් කළත් අභිඹවා යා නොහැකි තරම් විශාල අරමුදලක් මෙම ආයතනය මගින් පවත්වාගෙන යනවා. මුලින් සේවක අර්ධසාධක අරමුදල පමණක් පැවතියත් විශ්‍රාම යාමේදී සේවකයන්ට වැඩි මුදලක් ලබාදීම වෙනුවෙන් සී. පී. ජේ. සෙනෙවිරත්න ඇමතිතුමා යටතේ සේවක භාරකාර අරමුදල එදා ආරම්භ කළා.

වර්තමානය වන විට අඩු වේතන ලබන ආර්ථිකයකින් අප බැහැර වෙමින් පවතිනවා. මෙරට ශ්‍රමිකයින්ගේ ශිල්පීය ඥාණය වැඩි කරමින් ඔවුන්ගේ ආදායම වැඩි කළ යුතුව තිබෙනවා. එලෙස ආදායම වැඩිකිරීමට නොහැකි වුවහොත් රටේ ශ්‍රම බලකාය වෙනත් රටවල සේවයට පිටත්ව යාම සිදුවෙනවා. ඒ නිසා ආදායම් වැඩිකර ගනිමින් ඉදිරියට ගමන් කළ යුතුව තිබෙනවා.
මෙරට අපනයන ආර්ථිකයක් බවට පත්කිරීමට අප සැලසුම් කර තිබෙනවා. අපනයන ආර්ථිකයක් බවට මෙරට පත්වීමෙන් වැඩ කරන සේවක සංඛ්‍යාව ඉහල නැංවෙන බව සඳහන් කළ යුතුයි. ඒ සමඟම සේවකයින් හා හිමිකරුවන් අතර සහයෝගය වර්ධනය කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා මේ අමාත්‍යාංශය මගින් විශාල දායකත්වයක් එක්කළ යුතු වෙනවා.

අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සිදුවූවත් හතරවන කාර්මික විප්ලවයේදී යන්ත්‍ර සූත්‍ර වැඩි වශයෙන් යොදා ගැනීම සිදුවන නිසා රැකියාවල ඇතිවන අවධානම් තත්වය ඇතුළු අනෙකුත් කාරණා පිළිබදව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. පසුගිය වසර කිහිපය තුල ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරමින් කටයුතු කළ නිසා අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීමට අපට හැකියාව තිබෙන බව කිව යුතුයි.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් විශාල අභියෝග රැසකට මුහුණදීමට සිදුවුනා. කොපමණ අභියෝග පැමිණියත් රටේ ජනතාවගේ ආදායම් මට්ටම වැඩිකිරීමට හැකි වූ බව සඳහන් කළ යුතුයි. ආදායම් තත්වය 50% සිට 100% දක්වා ඉහල ගොස් තිබෙනවා. කොපමණ ප්‍රශ්න පැමිණියත් රටේ ආර්ථිකය හා ජීවන රටාව අනුව වැඩි ආදායමක් ජනතාවට අවශ්‍ය බව පිළිගෙන ආදායම් ඉහල නැංවීමට අප පියවර ගත්තා.

අතීතයේ උපයාගත් ආදායමින් ආහාර ලබාගැනීම සඳහා පමණක් අවධානය යොමු කළා. දරුවන් ළඟම පාසලකට යොමු කිරීමට එදා දෙමාව්පියන් පියවර ගත්තා. වර්තමානයේ ආහාරවලට පමණක් සීමා නොවී ජංගම දුරකථනය, උපකාරක පන්ති වියදම්, ඇතුළු වෙනත් වියදම් රැසකට ජනතාව මුහුණ දෙමින් සිටිනවා. ආදායම වැඩිවීම තුලින් වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය ඉහල නැංවෙන අතර එම ආදායම් ඉහල නැංවීමට රටේ නිෂ්පාදනය ඉහල නැංවිය යුතු බව සඳහන් කරන්න කැමතියි.

අභියෝග කොපමණ පැමිණියත් රටේ ජනතාවගේ ආදායම් වැඩිකිරීමට හැකිවීම පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වෙනවා. රාජ්‍ය අංශයේ වැටුප් දෙගුණයකින් ඉහල නැංවීමටත්, පෞද්ගලික අංශය 50% සිට දෙගුණයක් දක්වා වැඩිකිරීමටත් අප පියවර ගත්තා. අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීමේදී පෞද්ගලික අංශයේ ආදායමි ඉහල යන බව සඳහන් කරන්න කැමතියි.
රටේ වැඩකරන ජනතාව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අමාත්‍යතුමා ඇතුළු නිලධාරී පිරිසට එම වැඩකටයුතු ඉදිරියටත් සාර්ථකව කරගෙන යාමට සුභ පැතුම් එක්කරනවා ” යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කැබිනට් නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ආර්. රාජපක්ෂ, කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ විමලවීර යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

 

Post Views: 3
Previous Post

ශ‍්‍රී ලංකාව එක නීති පද්ධතියක් යටතට ගත යුතුයි – ඇමති චම්පික රණවක

Next Post

මගී ප‍්‍රවාහන බෝට්ටු යාත‍්‍රා සේවය හෙටින් ඇරඹේ – මාසයක් ප්‍රවාහන නොමිලේ   

editor

editor

Next Post

මගී ප‍්‍රවාහන බෝට්ටු යාත‍්‍රා සේවය හෙටින් ඇරඹේ - මාසයක් ප්‍රවාහන නොමිලේ   

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved