මෙරට කම්කරු ප්‍රජාවගේ සුභසාධනය වෙනුවෙන් 1994 වසරේදී එවකට කම්කරු අමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ පනතක් මගින් ස්ථාපිත කරන ලද “ශ්‍රම වාසනා අරමුදල” අහෝසි කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බව වාර්තා වේ. කම්කරු අමාත්‍යාංශයේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශයකට අනුව මෙම තීරණය ගෙන ඇති බවයි.
ජාතික ලොතරැයි මණ්ඩලය මගින් පවත්වාගෙන ගිය “ශ්‍රම වාසනා” ලොතරැයිය මගින් මෙම අරමුදලට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගත් අතර, එය කිසිවිටෙකත් අලාභ නොලැබූ ව්‍යාපෘතියක් බව වෘත්තීය සමිති අවධාරණය කරයි. කෙසේ වෙතත්, මෙය අලාභ ලබන ව්‍යාපෘතියක් ලෙස හුවා දක්වමින් එය වසා දැමීම සඳහා රජය මේ වන විටත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ද සඳහන් වේ. මෙම තීරණයට එරෙහිව වෘත්තීය සමිති දැනටමත් සිය විරෝධය පළ කර ඇති අතර, කම්කරු අයිතිවාසිකම් සහ සුභසාධනය වෙනුවෙන් පෙනී සිටි වැදගත් අරමුදලක් මෙලෙස අහෝසි කිරීම පිළිබඳව ඔවුන් දැඩි කනස්සල්ල පළ කරති.













