මැදපෙරදිග පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් මෙරට තුළ ඉන්ධන QR කෝටා ක්‍රමය යළි හඳුන්වා දුන්නද, විදේශීය සංචාරකයන්ට ඉන් කිසිදු බාධාවක් ඇති නොවන බව රජය සහතික කර තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා සංචාරක හෝටල් සහ සංචාරක මෙහෙයවන්නන් වෙත විශේෂ ඉන්ධන සැපයුම් පද්ධතියක් සකස් කර ඇති බව බලධාරීන් පවසයි. ඒ අනුව සංචාරකයන්ට දිවයින පුරා කිසිදු අපහසුතාවයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇති අතර, සංචාරක ප්‍රවාහන සේවා සඳහා ප්‍රමුඛතාව ලබා දීමට ද පියවර ගෙන ඇත.














