• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල්ද? නිල් මානෙල්ද? නිවැරදි ජාතික පුෂ්පය තෝරා ගැනීමට විශේෂඥ කමිටුවක්

14 December 2022
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය මානෙල් මලද? නිල්මානෙල් මලද? යන්න පිළිබඳව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මේ පිළිබඳ සාකච්ඡා වූයේ පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති පරිසර අමාත්‍ය ගරු නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල යන මහත්ම මහත්මීන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන මැයෙන් වසර ගණනාවක් තිස්සේ නොවිසඳුනු හා මත භේදයට තුඩු දී තිබු ගැටලුව පිළිබඳ දීර්ඝ ඉදිරිපත්කිරීමක් කරන ලදී.

මහාචාර්ය යකන්දාවල ඉදිරිපත් කළ පරිදි මෙරට ජාතික පුෂ්පය ප්‍රකාශයට පත් කරන ලද්දේ 1986 පෙබරවාරි 26 සිට ය. එනම් ජාතික පුෂ්පය නිල් මානෙල් බවට නිල වශයෙන් කැබිනට්‌ පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. නමුත් එහි නිල් මානෙල් මල පිළිබිඹු කිරීමට භාවිත කොට ඇත්තේ දම් පැහැති මානෙල් මලක ඡායාරූපයක් වන අතර එය සැබෑ නිල් මානෙල් මල නොවන බව මහාචාර්යවරයා පැවසීය.

ඒ අනුව, 1986දී සිදුවූ මෙම වරද මහාචාර්යවරයා ඇතුළු පිරිස විසින් 2010 වසරේදී එවකට සිටි ජනාධිපතිවරයාට, පරිසර අමාත්‍යවරයාට, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට, හ‍ා ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරියට දැනුම්දී තිබේ. ඒ අනුව 2015දී ජාතික පුෂ්පයේ නිවැරදි ඡායාරූපයක් ඇතුළත් කොට තිබේ. නමුත් 2015දී පරිසර අමාත්‍යාංශය විසින් නිවැරදි මලෙහි ඡායාරූපයක් ප්‍රකාශයට පත් කරන අතරම ලංකාවේ ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් මල ලෙසත් ඉංග්‍රීසි නාමය බ්ලූ වෝටර් ලිලී සහ දමිළ නාමය ලෙස නීලෝත්පලම් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙහිදි පරිසර අමාත්‍යාංශය විසින් පෙන්වා දුන්නේ නිල් මානෙල් නාමය මානෙල් ලෙස වෙනස් වීමට හේතු වූයේ ඒ පිළිබඳ සිංහල භාෂා ප්‍රවීණයෙකු වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගෙන් විමසීමේදී එතුමන් විසින් දක්වන ලද මතය බවයි. එහිදී එතුමාගේ මතය අනුව මානෙල් යන්නෙහි අර්ථය වන්නේ උතුම් වූ නිල් පුෂ්පය බැවින් ජාතික පුෂ්පයේ සිංහල නාමය මානෙල් ලෙස යෙදීම සුදුසු බවට යෝජනාවී තිබේ.

මෙහිදි මහාචාර්ය යකන්දාවල මහතා අවධාරණය කරන ලද්දේ ගෝලීයව පිළිගත් ශාක වර්ගිකරණය පිළිබඳ සම්මතයන්ට අනුව, විද්‍යාත්මක නාමය වෙනස් කිරීමට යටත් විය හැකි නමුත් ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන පොදු ජන වහරේ භාවිතා වූ පොදු නම් වෙනස් නොකළ යුතු බවයි.

මෙහිදි මහාචාර්ය දෙපළ දක්වා සිටියේ මානෙල් යනු පොදු නාමයක් වන අතර ශ්‍රි ලංකාව තුළ දම් මානෙල්, සුදු මානෙල්, නිල් මානෙල් ආදී මානෙල් වර්ග රාශියක් පවතින නිසා ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් ලෙස නිවැරදී වියයුතු බවයි.

1986දී ජාතික පුෂ්පය තෝරා ගැනීමේ කමිටුව විසින් සලකා බලන ලද නිර්ණායක වන ස්වදේශිය වීම හා ආවේනික වීම, උපයෝගීතාවය, ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම, පෙනුම හා ව්‍යාප්තිය, මෙන්ම අතිරේක නිර්ණායක වන වර්නය හා ස්වරූපය, ප්‍රතිනිෂ්පාදනය, වෙනත් රටක ජාතික පුෂ්පයක් හෝ වෘක්ෂයක් නොවීම යන සියලු නිර්ණායකයන් සපුරා ඇත්තේ නිල් මානෙල් බවද මහාචාර්යවරයා පැවසීය.

එහිදී, මහාචාර්ය දීප්ති යකන්දාවල සඳහන් කළේ මුද්දර කාර්යංශය නිල් මහනෙල් මලෙහි පිංතූරයක්‌ සහිත මුද්දරයක් නිකුත් කර ඇති අතර එහි ඇත්තේ ද සැබෑ මල නොව වැරැදි මලක පිංතූරයක් බවයි. එමෙන්ම පෙළ පොත්වල ඇත්තේ ද වැරදි මලක රූපයක් බවත් පාසල්වල පමණක්‌ නොව ඇතැම් උසස්‌ අධ්‍යාපන ආයතනවල ද උගැන්වන්නේ වැරැදි මලක රුව පෙන්වමින් බවත් ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම, පොත්පත්වල පමණක්‌ නොව ආගමික ස්‌ථාන අසල නිල් මානෙල් ලෙස නම් කොට අළෙවි කෙරෙන්නේ ද සැබෑ නිල් මානෙල් නො වන බව මේ පර්යේෂකයන් දෙපළ ගේ අදහසයි.

මෙහිදි අදහස් දැක්වූ සභාපතිවරයා අවධාරණය කළේ මේ පිළිබඳ සලකා බලා නිර්දේශ ලබා දීමට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති බවයි. උක්ත කරුණ පිළිබඳ කරුණු දැක්වූ මන්ත්‍රීවරයන් පෙන්වා දුන්නේ මෙය ජාතික වැදගත්කමකින් යුත් කරුණක් හේතුවෙන් කඩිනමින් ඒ පිළිබඳ නිශ්චිත තීරණයක් ලබා ගන්නා ලෙසයි.

මීට අමතරව පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල කටයුතු පිළිබඳවද උපදේශක කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. එහිදී, විවිධ ව්‍යාපෘති සඳහා පරිසර අමාත්‍යාංශයෙන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව මෙන්ම පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වල කාර්යාල නොමැති ප්‍රදේශවල අදාළ කාර්යාල ජංගම සේවාවන් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම රැස්වීමට මන්ත්‍රීවරයන් රැසක්ද සහභාගී වූ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

Post Views: 14
Previous Post

තරාදි ගැන කිරුම් මිණුම් දෙපාර්තමේන්තුව මගීන් වහාම ඒකාබද්ධ වැඩපිළිවෙළක් අරඹනවා – ඇමැති අමරවීර

Next Post

දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන සංවර්ධනයට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වෙයි -ඇමති ප්‍රසන්න

editor

editor

Next Post

දිවයින පුරා පිහිටි ආකර්ෂණීය සංචාරක ස්ථාන සංවර්ධනයට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වෙයි -ඇමති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved