• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉරිදා තරග බිමට

16 January 2025
in ක්‍රීඩා
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉරිදා තරග බිමට
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

වයස 19 න් පහළ කාන්තා විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම එළඹෙන ඉරිදා (19 වැනිදා) සත්කාරක මැලේසියාවට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30 ට තරග බිමට පිවිසීමට සූදානමින් සිටියි. 

සෙනසුරාදා ආරම්භ වන මෙම තරගාවලිය පෙබරවාරි මස 2 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 4 කදී පැවැත්වේ.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 16 ටම තරගාවලිය ආරම්භ වීමට පෙර පෙරහුරු තරග 2 කට බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවිය. පෙරහුරු තරගවලදී බංග්ලාදේශ යොවුන් කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ, සැමෝවා යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කිරීමට සමත් වූහ.

මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම, 2024 යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්වීමෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියි. ‘ඒ’ කාණ්ඩය යටතේ මෙම තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මූලික වටයේදී සෙසු තරගවලදී ඉන්දියාවට සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරග වැදීමට නියමිතය.

තරගාවලියේ මූලික වටය එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වූ ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ යන කාණ්ඩ 4 යටතේ පැවැත්වෙන අතර සෑම කාණ්ඩයකම පළමු ස්ථාන 3 ට පත්වන කණ්ඩායම් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයට පිවිසෙනු ඇත. සුපිරි 6 දෙනාගේ වටය කණ්ඩායම් 6 බැගින් වූ කොටස් දෙකක් යටතේ පැවැත්වීමට නියමිතය.

සුපිරි 6 දෙනාගේ වටයේදී ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩවල කණ්ඩායම් පළමු කොටස යටතේද, ‘බී’ සහ ‘සී’ කාණ්ඩවල කණ්ඩායම් දෙවැනි කොටස යටතේ තරග වදිනු ඇත. එම කොටස් දෙකේ මුල් ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් 4 තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එතැන් සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ.

තරගාවලියේ මූලික වටයේ තරග මෙම මස 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර සුපිරි 6 දෙනාගේ වටයේ තරග 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේ. අවසන් පූර්ව තරග 31 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහ තරගය පෙබරවාරි 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අවසන් පූර්ව සහ අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පන්ඩමාරන් ක්‍රීඩාංගණයේදීය.

පන්ඩමාරන් ක්‍රීඩාංගණයේදී හැරුණු කොට ජොහෝර්, බංගි සහ සරාවක් යන ක්‍රීඩාංගණවලදීද මෙම තරගාවලියේ තරග පැවැත්වෙන අතර මැලේසියානු වේලාවෙන් පෙරවරු 8.00 ට සහ මධ්‍යහන 12.00 ට ආරම්භ වන එම තරග ශ්‍රී ලංකා වේලාවෙන් නැරඹිය හැකි වන්නේ පෙරවරු 10.30 සහ පස්වරු 2.30 සිටය.

Post Views: 42
Previous Post

ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !

Next Post

සිමෙන්ති මිල පහළට

Editor TTV News

Editor TTV News

Next Post
සිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

18 September 2025
පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

18 September 2025
තුසිත හල්ලොලුවට ඇප ලැබෙයි

තුසිත හල්ලොලුවට ඇප ලැබෙයි

18 September 2025
රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි – දිනපතා පුද්ගලයින් පස් දෙනෙකු  මියයාමේ අවදානමක්

රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි – දිනපතා පුද්ගලයින් පස් දෙනෙකු මියයාමේ අවදානමක්

18 September 2025

Recent News

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

18 September 2025
පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

18 September 2025
තුසිත හල්ලොලුවට ඇප ලැබෙයි

තුසිත හල්ලොලුවට ඇප ලැබෙයි

18 September 2025
රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි – දිනපතා පුද්ගලයින් පස් දෙනෙකු  මියයාමේ අවදානමක්

රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාදයි – දිනපතා පුද්ගලයින් පස් දෙනෙකු මියයාමේ අවදානමක්

18 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

බැකෝ සමන්ගේ බිරිද තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

18 September 2025
පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

පාකිස්ථානයට ලකුණු 41 ක ජයක්

18 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved