කුවේට් රාජ්‍යයේ 65 වන ජාතික දිනය සහ 35 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ඉදිරියේදී දෙරට අතර සබඳතා නව්‍ය ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවයි.
1971 දී ආරම්භ වූ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට දැන් වසර 55ක් සපිරෙන අතර, දැනට ලාංකිකයන් 167,000ක් පමණ කුවේට්හි සේවය කරති. එම සේවකයින්ගේ සුබසාධනය සුරැකීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කුවේට් රජයට සිය ස්තූතිය ද පළ කළේය.













