ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයට අද (21) පෙරවරුවේ කඩා වැටී තිබේ
සිදුවු ගුවන් අනතුරෙන් එහි සිටි පුහුණු නියමුවන් ආරක්ෂිත ලෙස ඉවත් වී ඇති බව වාර්තාවේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ පුහුණු ජෙට් යානයකි.
කටුනායක සිට ගුවන්ගත කළ මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන් ය.
යානය පොල්වගා භූමියක් වෙත කඩා වැටී ඇති අතර, එය සම්පූර්ණයෙන්ම ගිනිගෙන තිබේ.
			
                                
                                
							











