8 September 2024
#ක්‍රීඩා

ශ්‍රී ලංකා-පාකිස්තාන අවසන් පූර්ව තරගය අද

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ් අනුව බංගලාදේශය සහ ඉන්දියාව අතර පළමු අවසන් පූර්ව තරගය සවස 1.30 ට ආරම්භ වීමට නියමිතව ඇත.

එමෙන්ම සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව දෙවැනි අවසන් පූර්ව තරගයට එක් වන්නේ රාත්‍රි 7.00ටය.

තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව අපරාජිතවම අවසන් පූර්ව වටයට එක්වූ අතර, ‘ඒ’ කාණ්ඩයේදී ඉන්දියාවට පමණක් පරාජය වෙමින් දෙවැනි තැනට පත්වෙමින් පාකිස්තානය අද තරගයට එක් වෙයි.

මේ දෙපිල විස්සයි20 පිටියේදී 19 වරක් හමුව ඇති අතර, ඉන් තරග 8ක් ශ්‍රී ලංකාව ජය ගනිද්දී පාකිස්තානය තරග 10ක් ජය ගෙන තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *