කොළඹ නගරයේ බොහෝ වැඩබිම් වල චීන ජාතික කම්කරුවන් සේවයේ නිරතවනු දක්නට පුලුවන්. චීන භාෂාවෙන් යුත් නාම පුවරු, ඔවුන් වෙනුවෙන්ම වෙන්වූ භෝජන ශාලා ද පවතිනවා.
මේ කම්කරුවන් කවුරුන් ද…? චීන සිරකරුවන් ද…? විදෙස් කම්කරුවාගේ ආගමනයෙන් දේශීය ශ්‍රමිකයාට සිදුවන බලපෑම මෙවර විනිවිද සංවාදයේ විෂය වනවා. සංවාදයේ අදහස් දක්වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිලිබද කථිකාචාර්යනී පවිත්‍රා ජයවර්ධන සමගින් තරින්ද ඇල්විටිගල.