“City of Dreams” විශාල හෝටල ව්‍යාපෘතියේ විශේෂ විවෘත උත්සවය සදහා
අගෝස්තු 2 වනදා බොලිවුඩ් තරුවක් වන රිතික් රෝෂන් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබෙනවා. .
දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගවීමට නියමිතව සිටියේ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්.
ඔහු නොවැළැක්විය හැකි හේතුවක් මත සහභාගී වීමට හැකියාවක් නොමැති බවයි ඔහුගේ නිල ඒජන්සි ආයතනය වන WizCraft විසින් පසුගිය දා දන්වා සිටියේ.