හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන හිටපු ජනාධිපති ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු මොහොතකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් (FCID) පිටව ගියාය. ‘සිරිලිය’ අරමුදලේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) උදෑසන එම කොට්ඨාසය වෙත පැමිණි ඇයගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.
මීට පෙර ජනවාරි 27 වැනිදා පෙනී සිටින ලෙස දන්වා තිබුණ ද ඇය සිය නීතිඥවරයා මාර්ගයෙන් සති දෙකක කාලයක් ඉල්ලා තිබූ අතර, ඒ අනුව අද දින ඇය මෙලෙස ප්‍රකාශය ලබා දීමට පැමිණ තිබුණි.














