2025, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා.
ලකුණු 198 ක් ලබා ගනිමින් 2025 මෙවර ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලබාගෙන තිබෙනවා.
මේ අතර දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලෙස ලකුණු 194ක් ලබාගත් දරුවෙකු යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.
පළාත් මට්ටමින් ලකුණු 70ක් හෝ ඊට ඉහළින් ලකුණු ලබාගෙන වැඩිම සාධනයක් පෙන්නුම් කර ඇත්තේ සබරගමුව පළාතෙන්.
එහි දෙවනියට වැඩිම සාධනය දකුණු පළාතෙන් වාර්තා වී තිබෙනවා.
පළාත් මට්ටමින් කඩඉම් ලකුණු සාධනය සලකා බැලීමේදී සබරගමුව පළාතෙන් වැඩිම සාධන මට්ටමක් පෙන්නුම් කර තිබෙන බවයි ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවේ.
දෙවනියට ඌව පළාතත් තෙවනියට දකුණු පළාතත් වැඩිම සාධනයක් හිමිකරගත් පළාත් ලෙස වාර්තා වී තිබේ.