• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංස්කෘතිය විනාශ කිරීම තුළින් රටවල් විනාශ වනවා – මන්ත්‍රී සාගර

31 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ පවතින බෞද්ධ සංස්කෘතියට, ක්‍රමවේදයන්ට , හැදියාවන්ට පහර එල්ල කර, ඒවා අපහසයට ලක්කර, සංස්කෘතික වටිනාකම් විනාශ කිරීමට උත්සහ දැරීමක් පවතින බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (31) පැවති මාධ්‍ය හමුවකදියි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “අපි දන්නවා පසුගිය සියවස්වල ලෝකයේ බලවත් ජාතීන් බලවත් නොවන රාජ්‍ය යටපත් කරගැනීම, එම රාජ්‍ය විනාශ කිරීම සහ ඔවුන්ගේ සාරය උරා ගැනීම සඳහා කටයුතු කළේ යටත් විජිතවාදය තුළින්. නමුත් නුතන ලෝකයේ එහෙම කරන්න බැරි නිසා නූතන ලෝකයේ නව යටත්විජිතවාදය හැටියට සිදු කරන්නේ අනෙකුත් රටවල් විනාශ කිරීම. ඒ විනාශ කිරීම සිදු කරන්නේ විශේෂයෙන්ම රටක තිබෙන හර පද්ධතීන් සහ සංස්කෘතිය විනාශ කිරීම තුළින් රටවල් විනාශ කරන බව අපිට පේනවා. මෑත කාලීන ලෝකයේ ඇතිවෙච්ච තත්වයන් දිහා බැලුවාම ඒ බව පෙනි යනවා. ලංකාවෙත් මේ වන කොට අපිට අත්දකින්න ලැබෙන්නේ එවැනි තත්වයක්. මේ රටේ තිබෙන බෞද්ධ සංස්කෘතියට , රටේ තිබෙන ක්‍රමවේදයන්ට , හැදියාවන්ට පහර එල්ල කරලා ඒවා අපහසයට ලක්කරලා ඒ සංස්කෘතික වටිනාකම් නැති කරලා මේ සමාජය විනාශ කරන්න උත්සහ දැරීමක් දකින්න තිබෙනවා. අපි දැක්කා මෙයට විදේශ සංවිධානවලින්, විදේශ රාජ්‍යවලින් විශාල ලෙස මුදල් ලැබිලා තිබෙනවා කියන කාරණය පසුගිය දවස්වල. මම හිතන්නේ මෙය තමයි පහුගිය කාලයේ අරගලය නමිනුත් මේ රටේ එළියට ආවේ. කොවිඩ් තත්වයත් එක්ක, යුක්රේන් රුසියානු යුද්ධයත් එක්ක සමස්ථ ලෝකයම ගෝලීය ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමට හේතු වුණා. අපි විතරක් නොවේ ලෝකයේ බොහෝ දියුණු රටවලවල පවා අද වන කොටත් ආර්ථික අර්බුදය තිබෙනවා. ලංකාවේ ඇතිවෙච්ච අර්බුදය හුදෙක් පාලකයින්ගේ අසමත්කමක් හැටියට හුවා දක්වලා ඒ අර්බුදය තුළින් මේ රටේ අරගලයක් නිර්මාණය කරන්න උත්සහ දැරීම පිටිපස්සේ මේ විවිධ බලවේග තිබෙනවා. ඒ අරගලයට මූලික වෙච්ච පිරිස තමයි අද අපිට දකින්න ලැබෙන්නේ මේ රටේ සංස්කෘතිය, හැඳියාව, වටිනාකම් විනාශ කරන්න උත්සහයන් දරා ඇත්තේ. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ඉතා පැහැදිලිව කියනවා මෙවැනි පහත් දේවලින් බලය ලබාගන්න පක්ෂයක් නොවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ. අපි පක්ෂයක් හැටියට අපේ ප්‍රතිපත්ති ඉදිරියට දාලා, අපේ නායකයින් මේ රට වෙනුවෙන් කරපු සේවය ජනතාවට ප්‍රකාශ කරලා, ඉදිරියට මේ රට වෙනුවෙන් අපේ තිබෙන වැඩපිළිවෙළ මොකක්ද කියන කාරණය මත දේශපාලනය කරනවා විනා මෙවැනි පහත් තත්වයේ කාරණා තුළ දේශපාලනය කරන පක්ෂයක් නොවේ පොදුජන පෙරමුණ. ඒ වගේම රාජපක්ෂවරුන් ඒ වගේ පහත් තත්වයේ දේශපාලනයකට යොමුවන පිරිසක් නොවේ. මේ කාරණා පිටිපස්සේ ඉන්නේ කවුරුන්ද කියන එක මේ රටේ ජනතාවට ඉතා හොඳින් එත්තු ගිහින් තිබෙනවා. මේ රටේ පහුගිය කාලයේ මේ ඇති කරපු ඊනියා අරගලය පිටිපස්සේ හිටපු පක්ෂ සහ සංවිධානම මේ රටේ සංස්කෘතිය කඩා බිඳ දැමීම , බෞද්ධ දර්ශනයට ප්‍රහාර එල්ල කිරීම, බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීම කියන මේ කාරණා පිටිපස්සේ අරගලයට ශක්තිය ලබාදුන්, අරගලයට පෙනි සිටි පක්ෂ සහ සංවිධාන සිටින බව ඉතා පැහැදිලියි. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ඊනියා යටත්විජිතකරණයට ඔබ නතුවෙන්න එපා. ඔබ ඔබේ රට, ජාතිය, සංස්කෘතිය ගැන ඔබ ආඩම්බරයෙන් ජිවත් වුණොත් අපිට රටක් හැටියට ආඩම්බරයෙන් නැගි සිටිය හැකි. එහෙම නැති වුණොත් හැමදාම ජනතා විමුක්ති පෙරමුණේ අරගල දෙකකින් සහ එල්.ටි.ටි.ඊ. යුද්ධයකින් මේ රටේ විනාශ කළා වගේ නැවතවතාවක් මේ රට විනාශය කරා ඇදි යන එක නතර කළ නොහැකි වෙයි. ඒ නිසා මේ රටේ වටිනාකම්, අපේ රටේ සංස්කෘතික වටිනාකම් සමඟ නව ලෝකයට ගැළපෙන ආකාරයට අපේ තත්වයන් වෙනස් කරගනිමින් නව දේශපාලනයක්, නව දර්ශනයක් කරා යොමුවෙන්න අපේ පක්ෂය සූදානම්. ඒ සඳහා මේ රටත්, රටේ තරුණ පරපුරත් සූදානම් විය යුතුයි කියන කාරණය ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කර සිටිනවා. ”යනුවෙන් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 2
Previous Post

දුම්කොළ පරිභෝජනය අඩුවී ඇති බව ඇමැති කෙහෙලිය කියයි

Next Post

අනවශ්‍ය පුද්ගලයින්ගේ, ස්ථාවලට යෙදවු පොලිස් නිලධාරින් යලි පොලිස් ස්ථානවලට යොදවන්න – ඇමැති ටිරාන්

editor

editor

Next Post

අනවශ්‍ය පුද්ගලයින්ගේ, ස්ථාවලට යෙදවු පොලිස් නිලධාරින් යලි පොලිස් ස්ථානවලට යොදවන්න - ඇමැති ටිරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
දිනන දකුණ සහ මම

දිනන දකුණ සහ මම

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved