• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජබය නියෝජනය කළ තලතා ධුරය අත්හරි

21 August 2024
in දේශීය, පුවත්
සජබය නියෝජනය කළ තලතා ධුරය අත්හරි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තුවේ දී සංවේදී කතාවක් සිදුකරමින් ඇය සඳහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීම පිළිබඳව තමාගේ කැමැත්තක් නොමැති බවය.

“මෙම අවස්ථාව මට ඉතාම සංවේදී අවස්ථාවක්. එක පැත්තකින් අපේ දැවැන්ත මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. අපේ මව් පක්ෂයේ නායකයාත් හිටපු නියෝජ්‍ය නායකයාත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත්වෙලා. ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. අනෙක් හැමෝම එකතු වෙන්න උත්සාහ කරන මේ වගේ වෙලාවක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත්ත තීරණය සමග මගේ හෘද සාක්ෂියට එකඟව කොහෙත්ම එකඟ වෙන්න බෑ… නායකයින් දෙදෙනා දෙපැත්තකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුව ගත් දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. ඒ බව ඉතිහාසය විසින් නුදුරු දිනයක දී ඔප්පු කරයි. ඒ ගැන තවදුරටත් නිහඬව සිටියොත් මාත් ඒ පාපයට වක්‍රව හෝ දායකවූ අයෙක් බවට පත්වේවි. ඒ නිසා මේ අතිශය සංවේදී කාරණය ගැන වහාම තීරණයක් ගත යුතුයි. එසේම එය මාගේ හෘද සාක්ෂියට එකඟ තීරණයක් මෙන්න රත්නපුර ජනතාවට හා ඔවුන්ගේ අනාගතයට පටහැනි තීරණයක් නොවිය යුතු බව මාගේ විශ්වාසයයි.

මාගේ දේශපාලන ගමන මම කිසිසේත් නතර කරන්නේ නෑ. ඒ බව මේ අවස්ථාවේ ඉතාම ආඩම්බරයෙන් හා ධෛර්යයෙන් පවසනවා. මන්ත්‍රී ධුරය අත්හැරීම මගේ හිතට කිසිම දුකක් නෑ. අද ඒ තීරණාත්මක අවස්ථාවට තමා මම මේ මුහුණදී සිටින්නේ. ඒ බව පළමු වතාවට මම මේ සභාවේදී දැනුවත් කරනවා.

පක්ෂය දෙකඩ වීම ගැන මගේ කැමැත්තක් නෑ. සමගි ජන බලවේගයේ අපේක්ෂිකාවක් වශයෙන් ජයග්‍රහණය කළත් මම තාමත් හිතන්නේ, එදා අනාගතය ගැන හිතන්නේ නැතුව අපි ගත්ත තීන්දුව හරිද කියා. එය හැමදාම වගේ හිතට වදදෙනවා. අපේ දැවැන්ත පක්ෂය දෙකඩ කරන්නට මම දායක වුණා ද යන සිතුවිල්ල මා ලැබූ මන්ත්‍රී ධුරයේ සතුටට වඩා මට දැනුනේ නිතර දුකක් විදියට.

2024 ජනාධිපතිවරණය කැඳවීමේ දී මට දැනුනේ රනිල් ද සජිත් ද කියන එක නෙමෙයි. මේ තීරණාත්මක ජනාධිපතිවරණයේ දී අපි එක්ව තරග කරනවා ද ? වෙන්ව තරග කරනවා ද කියන එකයි. මේ දෙදෙනා ගැනම හොඳ අවබෝධයක් තියෙනවා.”

තලතා අතුකෝරල, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් වූ ගාමිණි අතුකෝරල මහතාගේ සහෝදරිය වෙයි.

ඇය 2004 වසරේදී පළමුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

එසේම 2010, 2015 සහ 2020 මහ මැතිවරණවලදී ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

2020 වසරේදී ඇය රත්නපුර දිස්ත්රිකයෙන් මනාප 45,105ක් ලබාගනිමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

Post Views: 18
Previous Post

දකුණු පළාත් අන්තර් පාසල් හොකී බාලක රන් කුසලාන මේදංකර සහ විද්‍යාලෝක විද්‍යාල වලට!

Next Post

කෙහෙළියගෙන් වන්දි ඉල්ලා අක්ෂි රෝගීන් තිදෙනෙකු නඩු පවරයි!

Editor TTV News

Editor TTV News

Next Post
කෙහෙළියගෙන් වන්දි ඉල්ලා අක්ෂි රෝගීන් තිදෙනෙකු  නඩු පවරයි!

කෙහෙළියගෙන් වන්දි ඉල්ලා අක්ෂි රෝගීන් තිදෙනෙකු නඩු පවරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025

Recent News

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved