• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සජබය බෙදී වෙන් වීම ඇරඹෙයි – ‍ සියලු සාකච්ඡා අසාර්ථකයි

17 February 2025
in දේශීය, විශේෂාංග
සජබය බෙදී වෙන් වීම ඇරඹෙයි – ‍ සියලු සාකච්ඡා අසාර්ථකයි
0
SHARES
77
VIEWS
Share on FacebookShare on Twitter

මේ වන විට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකතුවක් ගැන වූ සාකච්ඡා සියල්ල බිඳ වැටී අවසන්.

පක්ෂ දෙක අතරත් පක්ෂ අභ්‍යන්තරය තුළත් ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින්  කල්ලි කණ්ඩායම් වලට බෙදී වෙන් වෙමින් තිබෙනවා.

ජාතික ජන බලවේගයට රටේ පාලන බලය ලබා දීමට මේ රටේ බහුතර ජනතාව ගත් තීන්දුව ඉතිහාසගත වන සුවිශේෂි දේශපාලනික මොහොතක් ලෙස සැලකිය හැකියි.   නිදහසෙන් පසුව තට්ටු මාරු ක්‍රමය එකම පවුල් පරම්පරාවක පාලනය යටතේ තිබු ප්‍රභූ දක්ෂිණාංශක දේශපාලන පක්ෂ මේ රට අවුරුදු 76 ක් තිස්සේ පාලනය කළා.  මේ අයගේ පාලනයේ තරම කෙතරම් ජනතාවට බලපෑමක් කළාද කිවහොත් ජනතාව මෙය තේරුම් ගත්තේ  අවුරුදු 76 සාපයක් විදිහට.

මේ සාපය අවසන් කිරීමට ඉතිහාසය පුරා විවිධ දේශපාලනික ක්‍රියාමාර්ග විවිධ පාර්ශ්ව විසින් ගනු ලැබු නමුත් සාර්ථක වුණේ නැහැ.

නමුත් ප්‍රභූ පවුල් දේශපාලනයට හැමදාමත් අභියෝග කරමින් එය වෙනස් කිරීම සඳහා උත්සාහයන් ගනනාවක් ගනු ලැබු ජනතා විමුක්ති පෙරමුණ මෙවර සාර්ථක. වුණා.

ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ලැබු විශාලම ජයග්‍රහණය ජරාජීර්ණ වූ ප්‍රභු දේශපාලනය සීසී කඩ කර දැමීමයි. අඩුම තරමින් තීරණාත්මක ජනාධිපතිවරයණය තුළ දී හෝ ජාතික ජන බලවේගයට අභියෝග කිරීමට තරම් වත් මේ පරණ ප්‍රභූ දේශපාලනයට එකතු වීමට නොහැකි වුණා. දේශපාලනික තීන්දුවක් ගැනීමට නොහැකි වුණා. පවුල් පරම්පරා ගැ‍ටුම් විවිධ නායකයන්ගේ උද්දච්ච කම්, මාන්නක්කාරකම් නිසා පරාජය වැළඳ ගත්තේ තමන්ගේ පාක්ෂිකයන්ට පවා මුහුණ දීමට නොහැකි තරම් පජාත තත්වයට ඇද වැටෙමින්.

මේ දේශපාලන පෙරැළියෙන් පසුවත් එ් සීසී කඩ වීම තව දුරටත් වර්ධනය වෙමින් තිබිමත් සුවිශේෂී තත්වයක්.

දකුණු කඳවුර ඒකරාශි කළ යුතු බවට  පරාජයෙන් පසුව සමහර පාර්ශ්ව අඳෝනා නඟිමින් තිබෙනවා.. ඒත්  තවමත් දකුණේ දේශපාලන පක්ෂ පෙන්නුම් කරමින් තිබෙන්නේ උද්දච්ච මාන්නකර හැසිරීම්ය.

කොටින්ම දකුණු කඳවුරේ කියන පක්ෂ අභ්‍යන්තරය තුළ පවා මේ ගැන එකඟතාවයකට පැමිණීමට නොහැකිව තිබෙනවා. මේ වන විට දකුණු කඳවුරේ ප්‍රධාන පක්ෂය දෙක ලෙස සැලකිය හැකි එක්සත් ජාතික පක්ෂය තුළත් සමගි ජන බලවේගය තුළත් දකුණු කඳවුර ගොඩනැඟීමට එරෙහිව කල්ලි ගැසී ඔවුනොවුන් අතර ගැටුම් ඇති කර ගනිමින් තිබෙනවා.  ප්‍රසිද්ධියේ එකිනෙකාට අවලාද නගා ගනිමින් තව තවත් කුඩා කල්ලි වට බෙදෙමින් සිටිනවා.

පසුගියදා සජබයෙ ප්‍රබලයකු වන තිස්ස අත්නායක පක්ෂ නායකත්වය විවේචනය කරමින් මේ එකතුවීමේ සාකච්ඡාවලින් ඉවත් වුනා. තවත් පිරිසක් වෙනම කල්ලියක් හදාගෙන  එකතුවීමට කැමැති කොටස් විවේචනය කරමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂය ‍තුළත් මේ ගැටුම් උත්සන්න වෙලා.  දැන් සජබ එජාප දීගය මුළුමනින්ම අවසන්.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට හෝ එකතුවීමේ හැකියාවක් නැහැ. මේ අනුව එම මැතිවරණ ජයග්‍රහණය බන්දේසියක දමා ආණ්ඩු පක්ෂයටම ලබා දීමට මේ වන විටත් මේ පක්ෂ දෙක තීරණය කර අවසන්.

රටක විපක්ෂ කණ්ඩායම් මෙලෙස බෙදී වෙන්වීමේ දේශපාලනික වාසිය නියත වශයෙන්ම පවතින ආණ්ඩුවට ආශීර්වාදයක් වීම වැළැක්විය නොහැකියි.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් පවත්වා ගෙන යන රටක විපක්ෂයට හිමි කාර්යභාරයක් තිබෙනවා. ජනතාව වෙනුවෙන් විය යුතු වගකීමක් යුතුකමක් තියෙනවා. නමුත්  ඒ වගකීම යුතුකම් ඉ‍ටු කරන්න තරම් හැකියාවක් අද මේ විපක්ෂ කණ්ඩයම් වලට නැති බව පැහැදිලියි.   විපක්ෂයට හරිහමන් නායකත්වයක් මෙන්ම වැඩ පිළිවෙලක් නැහැ. අනාගත අරමුණක් නැහැ.

ඒ අනුව මේ විපක්ෂයේ බෙදීමේ බරපතලම ‘අවාසිය’ ඇත්තේ ජනතාවටයි. මේ අය ආණ්ඩු කරද්දිත් ජනතාවට වාසියක් තිබුණේ නැති වුණත් විපක්ෂයේ සිටිය දී හෝ ජනතාවාදී ලෙස කටයුතු කිරීම ජනතාව බලාපොරොත්තු වන්නක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක එය විය යුත් දෙයක්. ආණ්ඩුවකින් වැඩිම පළ ප්‍රයෝජනයක් ජනතාවට ලබා ගන්න පුළුවන් වන්නේ ප්‍රභල විපක්ෂයක් ක්‍රියාත්මක වෙන්වා නම් පමණයි.

නමුත් මේ විපක්ෂ කණ්ඩායම් පෙන්නුම් කරමින් සිටින්නේ තමන් විපක්ෂයටවත් සුදුසු නැති බවයි. මේ අනුව මේ රටේ ජනතාව තමන් කැමැති ආණ්ඩුවක් පිහිටුවා ගත්තා සේ තමන්ට වැඩකට ඇති විපක්ෂයකුත් නිර්මාණය කර ගැනීමට ජනතාවට සිදුව තිබෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේ සුවිශේෂිත්වය පැරණි ජාරාජීර්ණ ප්‍රභු දේශපාලනය පරාජයට පත් කිරීමක් පමණක් නොවෙන්නේ මේ නිසාය.

 

 

Post Views: 92
Previous Post

දෙහි බොන්නේ දැනගනද?

Next Post

සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්

සෞඛ්‍යයට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved