වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව යටතේ තවත් පෝලිම් යුගයක් නිර්මාණය වී පොල් පෝලිම් පාස්පෝට් පෝලිම් දැකගැනීමට හැකිව ඇතැයි සමගි ජනසන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ජනතාවට සහන දෙන බවට පැවසූ ආණ්ඩුව යටතේ අත්‍යාවශ්‍ය ආහාරවල මිල වැඩි වී ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රට මේ මොහොත වන විට තීරණාක්මක අවස්ථා රැසකට මුහුණ දෙන බවත් වත්මන් ජනාධිපතිවරයා අපේක්ෂකයකු ලෙස බදු අඩු කරන බව පැවසුවත් ඔහු ජනතාවට ලබා දුන් පොරොන්දු කඩ කරමින් ජනතාව අතරමං කරමින් සිටින බවත් මැද කොළඹදී අද (31) පැවති ජනහමුවකදී ඔහු පැවසීය.
ජනතාව අසහනයට පත්ව ඇති මොහොතක ජනතාව රවටා වත්මන් ජනාධිපතිවරයා කටයුතු කළත් සමගි ජන බලවේගය ජනතාව ගැන සිතන පක්ෂයක් නිසා ජනතාව පෙළෙන දුක නැති කර අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළේ විපක්ෂයේ සිට බවත් ඒ සාකච්ඡාවලදී මෙම ගිවිසුම සංශෝධනය කිරීමට එකග වුවත් වත්මන් ආණ්ඩුව යටතේ ලංකාව ගැන කරන පසුවිපරම පවා කල් දමා ඇති බවත් ඔහු පැවසීය.
නැවත ණය ගෙවීම 2033 සිට කරන්න කියා අයි එම් එෆ් එක කිව්වත් හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව එය 2028 දක්වා අඩු කර ගිවිසුම් අත්සන් කර ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.
පවතින ආර්ථික වර්ධනය ගැන බලන විට 2028 සිට ණය ගෙවිය නොහැකි බවත් එම නිසා මේ ගිවිසුම වෙනස් කළ යුතු බවත් ඔහු පැවසීය.
මේ තත්ත්වයෙන් රට බේරා ගත හැක්කේ සමගි ජන බලවේගයට බැවින් කෙටි කාලීන සහන ගැන නොසිතා දරුපරපුර ගැන සිතා කටයුතු කරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.