සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කර රජයට රුපියල් මිලියන 2.5ක මූල්‍ය පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු එළඹෙන ජනවාරි 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයන් දෙදෙනා වන ජොහාන් ප්‍රනාන්දු සහ ජෙරම් කෙනත් ප්‍රනාන්දු යන අයද වෙති. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් අත්අඩංගුවට ගත් මෙම පිරිස අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. අදාළ ලොරි රථය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන එතනෝල් සමාගමක කටයුතු සඳහා යෙදවීමට කූඨ ලේඛන සකස් කළ බවට චෝදනා ලැබූ සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමාලල මහතා ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවේ.














