• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි හර්ෂ අබේවික්‍රම වැඩ භාර ගනී

9 March 2023
in ව්‍යාපාර
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ ප්‍රධානතම ආයතනය වන සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් හර්ෂ අබේවික්‍රම මහතා පසුගියදා වැඩ භාර ගත්තේය.

ක්ෂේත්‍ර ගණනාවක වසර 30කට අධික වෘත්තීය අත්දැකීම් සහිත හර්ෂ අබේවික්‍රම මහතා සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ වැඩ භාර ගැනීමට පෙර ජනශක්ති රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් කටයුතු කළේය. රජරට විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය ^MBA& හිමිකර ගෙන ඇති අබේවික්‍රම මහතා Life Underwriter Training Council (LUTC – USA) හි සාමාජිකයෙකි. එසේම ඒ මහතා ඇමරිකාවේ LIMRA හි මුල්‍ය කළමනාකරණය පිළිබඳ වරලත් අධීක්ෂකවරයෙක් හා රක්ෂණ ඒජන්සි කළමණාකරණය පිළිබඳ වරලත් සාමාජිකයෙක් (CIAM – USA) ද වේ. සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද හිමිකර ගෙන ඇති අබේවික්‍රම මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

සිය වෘත්තීය ජීවිතය 1989 දී නෙස්ලේ ලංකා ආයතනයෙන් ආරම්භ කල අබේවික්‍රම මහතා 1990දී MERCK SHARPE, DOME Pharmaceuticals හි සේවය කරමින් ELITE CLUB සාමාජිකත්ව සම්මානයට පාත්‍ර වී ඇත. 1993 සිට සෙලින්කෝ ජිවිත රක්ෂණ සමාගමේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කල ඒ මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් උපායමාර්ගික මුලපිරීම්, කාර්ය සාධනය, උපායමාර්ගික කළමනාකරණ විකුණුම් හා බෙදාහැරීමේ කළමනාකරණය සහ සංවර්ධනය යන අංශ ගණනාවක සිය වෘත්තීය නිපුණතාවය මානව පිළිබිඹු කිරීමට සමත් වූවෙකි.

සිය නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ අබේවික්‍රම මහතා මෙසේ පැවසිය.“විවිධ ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කර ඇති මට ශ්‍රී ලංකාවේ වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය හා එක්වීමට ලැබීම විශාල සතුටක් බව කිවයුතුයි. මෙම ආයතනය මුල්‍ය ක්ෂේත්‍රය හරහා පමණක් නොවෙයි පාරිසරික අංශයෙනුත්, රටත් ජනතාවත් වෙනුවෙන් නිහඩව කරනු ලබන සේවය මිල කල නොහැකියි. ලාභයෙන් ඔබ්බට ගමන්කළ තෘප්තිමත් මිනිසුන් පිරිසක් සමග කටයුතු කරමින් තව දුරටත් අපගේ පාරිභෝගික ජනතාව වෙත ඉහළ ප්‍රතිලාභ හිමිකර දීමට අවශ්‍ය නව්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

පුහුණුව සිය පුරුද්ද බවට පත්කරගෙන ඇති හර්ෂ අබේවික්‍රම මහතා MII-LUTC AND LIMRA USA හි පුහුණුකරුවකු ලෙස සිය සේවය ලබාදී තිබේ. එසේම සෙලාන් බැංකුව, සෙලින්කෝ ඉතුරුම් බැංකුව, වයඹ විශ්ව විද්‍යාලය සහ සෙලින්කෝ ස්ටෙලා වැනි බොහෝ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන සඳහා පුහුණු දායකත්වය ලබා දී තිබේ. ඔහු 2001 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයේ පැවති ෆාලියා සමුළුවට සහභාගී වූ අතර 2008 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගෙනහිර ආසියා රක්ෂණ කොංග්‍රසය ^EAIC& නියෝජනය කළේය. 2015 වසරේ පිලිපීනයේ නායකත්ව සමුළුවට සහ මැකාඕ හි MDRT Experience සමුළුව ඇතුළු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ රාශියක අත්දැකීම් ලබා ඇත.

මැලේසියාවේ GREAT EASTERN INSURENCE හි සංවර්ධනය පිළිබඳ පුහුණුව සහ AIA හි හොංකොං, චීනය, මැලේසියාව, තායිලන්තයේ නියෝජිතායතන කළමනාකරණ සංවර්ධන වැඩසටහනේ අත්දැකීම් ලත් ඒ මහතා 2013 වසරේ සිට AIA ඉන්ෂුවරන්ස් ලංකා හි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී – විකුණුම් ප්‍රධානී ලෙසත් බඳවා ගැනීම් පිලිබඳ ජාතික ප්‍රධානියා ලෙසත් සේවය කළේය. වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන සහ මූල්‍ය පීඨ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද පත් වීම් ලබා ඇති අබේවික්‍රම මහතා එහි විෂයමාලා සංවර්ධනය පිලිබඳ උපදේශක මණ්ඩලයේද සේවය කර ඇත. එසේම ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ ආරාධිත දේශකවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

හර්ෂ අබේවික්‍රම මහතාගේ සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් වීම පිළිබඳව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා මෙසේ අදහස් පළකළේය.“වසර 20කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය තහවුරු කරමින් මෙරට පාරිසරික හා ආර්ථික සංවර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන සදාහරිත සමාගම මෙරට හරිත යෝජනා ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ වැජඹෙමින් සිටිනවා. මේ ගමන් මග තවත් පුළුල් කරමින් අපගේ පාරිභෝගික ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලබා දීම සඳහා නව්‍යකරණය හා නිර්මාණශීලීිත්වය තුළින් නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට සමාගම බලාපොරොත්තුවෙන් සිටිනවා. අපගේ නව ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ අබේවික්‍රම මහතාගේ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදුනු වෘත්තීය අත්දැකීම් සහ පරිණතභාවය අපගේ මෙම ගමනට ඉතා වටිනා ශක්තියක් සහ නැවුම් බවක් එකතු කරනවා. ඔහුගේ ඉදිරි කටයුතු වල සාර්ථකත්වය වෙනුවෙන් මා හදවතින්ම සුබ පතනවා.”

 

පිටපත – PR

Post Views: 9
Previous Post

ප්‍රචණ්ඩත්වය රනිල්ට පුරුදුයි – අනුර දිසානායක

Next Post

තර්ජනවලට බය නෑ .. මහපාරට බහින්න සුදානම් – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

තර්ජනවලට බය නෑ .. මහපාරට බහින්න සුදානම් - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025

Recent News

නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved