සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබෙනවා.
අදාළ සිසුවා චරිත් දිල්ශාන්, අප්‍රේල් 29වැනිදා ලිපියක් ලියා සියදිවිනසාගෙන ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිප දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
එමෙන්ම, නවකවධ සිදුවීම් පිටතට පිළිගැනීම වළක්වාලීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ උසස් නිලධාරීන්ත් උත්සාහ කළ බවත් අනාවරණය වී ඇත.
මෙම වසරේ පමණක් නවකවධ පැමිණිලි 30කට වැඩි ප්‍රමාණයක් CID වෙත ලැබී ඇති අතර, වැඩිම සංඛ්‍යාවක් සබරගමුව විශ්වවිද්‍යාලයෙන් යැයි පොලීසිය පවසයි.
චෝදනා පිළිබඳව වැරැද්ද සනාථ වුවහොත්, වසර 20ක දඩුවමක් ලබාදිය හැකි බවද, නවකවධය පිළිබඳ පැමිණිලි කිරීමට 1997 දුරකථන අංකයට ඇමතුම් ලබාදිය හැකි බවද පොලීසිය දැන්වීම් කරයි.