වැලිගම අද (22) උදෑසන සිටම කතා බහට පත් වුණේ වැලිගම ප්‍රා සබාවේ සභාපති තම කාර්යාලය තුළදිම වෙඩි වැදී මියගිය කතාවයි
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජනබලවේගයෙන් තරග කර ජයග්‍රහණය කළ ලසන්ත, සභාපති ධුරය දිනාගැනීමේදීත් විශාල මතභේදයන්ට හේතු වුණා.
මේ වන විට පොලිසිය පවසා සිටින්නේ මිදිගම ලසා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් මෙන්ම අපරාධ කල්ලි නායකයෙක් වූ බන්ධනාගාරගතව පසුවන නඳුන් චින්තක හෙවත් “හරක් කටා” සමඟ සමීප සම්බන්ධයකින් පසු වු බවයි
ලසාගේ කාර්යාලය තුළ සුදු ඇඳුමකින් හා කළු මුව ආවරණයකින් සැරසී සිටියේ මහජන දිනයකට පැමිණි අය අතරේයි. එවිට කාන්තාවක් සභාපතිවරයා ලවා ලිපියක් අත්සන් කරගෙන පිටතට යන අවස්ථාවේදී, වෙඩික්කරු නිලකාමරයට ඇතුළුවී වෙඩි තැබීම සිදුකර තිබෙනවා පස්සේ ඔහු යතුරුපැදියකින් පලා ගොස් ඇති බවටද වාර්තා පළ වෙනවා.
වෙඩි ප්‍රහාරය හිස හා ගෙලට අධික ලෙස පාහේ වෙලා ඇති අතර, භාවිතා කර ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් බව පරීක්ෂණවලින් තහවුරු වීතිබෙනවා.
මෙහි විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ලසන්ත වික්‍රමසේකර මහතා වයසින් 38ක් වූ අතර, වෙඩි තැබීමේ පසුබැසීම හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.