හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (30) නව මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ. එදින පෙරවරු 9:00 ට පමණ බන්ධනාගාරය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඒකනායක මහතා සමඟ පැයකට ආසන්න වේලාවක් සුහද කතාබහක නිරත වූ බව වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ එංගලන්තයේ සිදුකළ සංචාරයකට අදාළව වැය වූ මුදල් සම්බන්ධයෙන් එල්ල වූ මූල්‍ය අක්‍රමිකතා චෝදනා මත සමන් ඒකනායක මහතා අත්අඩංගුවට පත්විය. ඉකුත් 28 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මේ මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.












