සම්මන්තුරේ පොලිස් වසමට අයත් මජීඩ්පුරම් මංසන්ධිය 03 ප්‍රදේශයේදී ඊයේ (08) උදෑසන කාලයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ. මියගිය කාන්තාව සිය නිවස අසල රැඳී සිටියදී මෙම අනපේක්ෂිත වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සම්මන්තුරේ පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම ප්‍රදේශයේ පවතින වන අලි තර්ජනය පිළිබඳව ගම්වාසීන් දිගින් දිගටම බලධාරීන් දැනුවත් කර ඇති පසුබිමක, නිවස අසලදීම මෙලෙස ජීවිතයක් අහිමි වීම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතු වී තිබේ. මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත අතර සම්මන්තුරේ පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














