රජය විසින් යෝජිත නව විශ්වවිද්‍යාල පනත් සංශෝධනය හරහා මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි අනතුරකට ලක්ව ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, “මාලිමාකරණය” නමින් සරසවි පද්ධතිය තුළ රජයේ දේශපාලන බලය තහවුරු කිරීමට මෙමගින් උත්සාහ කරන බවයි.
විශේෂයෙන්ම 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත වෙනස් කරමින්, පීඨාධිපතිවරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය පාලක සභාවට ලබා දීම හරහා සරසවි වල ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ වන බව ඔහු පෙන්වා දුන්නේය. මෙතෙක් පැවති ජ්‍යෙෂ්ඨත්වයට මුල්තැන දෙන ක්‍රමය වෙනුවට, රජයේ දේශපාලන හිතවතුන්ට තනතුරු ලබා දීමට මෙමගින් මඟ පෑදෙන බවට ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.














