ශ්‍රී ලංකාවේ සියලුම නිකායන් සහ පාර්ශ්වයන් නියෝජනය කරන බුද්ධ ශාසන සභාව ඊයේ (10) බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී රැස් විය. බුදු සසුනේ චිරස්ථිතිය සහ සංඝ සමාජයට බලපාන වැදගත් කරුණු මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙහිදී විශේෂිත තීරණ කිහිපයක් ගනු ලැබීය. ශාසනික කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි අනුකමිටු 03ක් පිහිටුවීමට යෝජනා විය. එම කමිටුවල වගකීම් දැරීම සඳහා විෂය පථය පිළිබඳ දැනුම ඇති නායක ස්වාමින් වහන්සේලා පිරිසක් නම් කිරීම ද මෙහිදී සිදුවිය.














