මෙරට සහල් ඉල්ලුමේ සම්භාවිත සියයට 5%ක් සැපයූ පොළොන්නරුව–ගල්ලෑල්ල සහල් සැකසුම් කලාපය ගංවතුරින් යටවීම නිසා සහල් නිෂ්පාදනය තාවකාලිකව නතර වී තිබෙනවා.
එ් හේතුවෙන් වෙළෙඳපොළේ සහල් මිල කිලෝ එකක් රු. 2–3කින් ඉහළ ගොස් තිබෙන බවයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පැවසුවේ.
ගංවතුරට හසුවූ මෝල් තුළ රුපියල් බිලියන 1 ක පමණ වටිනා වී ගබඩා කර තිබූ අතර, මධ්‍ය පරිමාණ වී මෝල්වලින් පමණක් දිනකට කිලෝග්‍රෑම් ලක්ෂ 3ක සහල් වෙළෙඳපොළට ලබා දී තිබුණ ද, ගංවතුරෙන් පසු මෙම තොග සියයට 70ක් ඉවත් කිරීමට සිදු වී ඇති බවත්, ඒවායේ කොටසක් කුකුළු හා ඌරු ආහාර ලෙස නිකුත් කර තිබෙන බවත් ඔහු පැවසීය. මෝල් කිහිපයක් සම්පූර්ණයෙන්ම අඩි 12ක උසට ජලයෙන් ආවරණය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
සභාපතිවරයා පැවසුවේ විශාල වශයෙන් විනාශයට ලක්ව ඇත්තේ නාඩු වී බවයි.
මෝල්වල යන්ත්‍රෝපකරණ, බොයිලේරු, ජෙනරේටර් සහ විදුලි පද්ධති සම්පූර්ණයෙන් අක්‍රිය වී ඇති අතර, ඒවා පිරිසිදු කර නැවත භාවිත කිරීම සම්බන්ධව දැඩි ගැටලුකාරී තත්වයක පවතින බවද සභාපතිවරයා සඳහන් කර සිටියා.
අපනයන තත්වයේ සහල් නිෂ්පාදන කළ තවත් මෝලක් ද සම්පූර්ණයෙන්ම ගංවතුරින් යට වී ඇති බවත් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දත්ත අනුව, ගල්ලෑල්ල කලාපයේ වී මෝල් හතක් පමණට දැඩි හානි සිදුව ඇති බවත් ඔහු පැවසුවා.












