ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන් හමුවී ඔවුන් සමඟ ආලවන්ත හැඟීම් පෑම (flirting) සහ දුරකථන අංක ලබාගැනීම රහසින් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහරින ‘මෑන්ෆ්ලුවෙන්සර්’ (manfluencers) නමැති කණ්ඩායම් පිළිබඳව ලොව පුරා දැඩි අවධානයක් යොමුව තිබේ. මොවුන් මේ සඳහා සාමාන්‍ය ඇස් කණ්ණාඩි මෙන් පෙනෙන, රහසිගත කැමරා සහිත ‘ස්මාර්ට් ග්ලාසස්’ (Smart glasses) භාවිත කරන බව CNN පුවත් සේවය වාර්තා කරයි.
[Image showing smart glasses with hidden cameras and social media rizz video interface]
මෙම වීඩියෝ බොහෝ විට කාන්තාවන්ගේ අනුමැතියකින් තොරව TikTok සහ Instagram වැනි මාධ්‍යවල පළ කෙරෙන අතර, ඒවා මිලියන ගණනින් නරඹන්නන් ආකර්ෂණය කර ගනී. මෙහි වඩාත් භයානක තත්ත්වය වන්නේ පටිගත වන බව හැඟවීමට ඇති LED ආලෝකය ස්ටිකර් මඟින් ආවරණය කරමින් මෙම පිරිස් කාන්තාවන් රහසින් පටිගත කිරීමයි. කාන්තාවන් හුදෙක් ‘ජයග්‍රහණයක්’ හෝ ‘ත්‍යාගයක්’ ලෙස සලකමින් නිර්මාණය වන මෙම අන්තර්ගතයන් හරහා කාන්තාවන්ගේ පුද්ගලිකත්වයට සහ පොදු ස්ථානවල නිදහසේ සැරිසැරීමේ අයිතියට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ස්ත්‍රීවාදී ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.














