ගුවන් නියමුවරියක යැයි පවසන තැනැත්තියක් චාමික කරුණාරත්න තම දරුවාගේ පීතෘත්වය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබෙනවා.
මෙම පැමිණිල්ලට අදාලව පැවති නඩුවාරයේ දී චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියම කර තිබෙනවා.
පැමිණිලිකාරිය චෝදනා කර තිබෙන්නේ තමන් සමගින් ඔහු ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් එම නිසා ඇයට දරුවෙකු ලැබී ඇති බවයි.
කෙසේ හෝ පැමිණිලිකාරියගේ නීතිඥවරිය පැවසුවේ DNA පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය තිබෙන බවයි.
එම ඉල්ලීමට චාමික කරුණාරත්නගේ නීතිඥවරයා පැවසුවේ ඩීඑන්ඒ පරීක්‍ෂණයක් සිදු කරන ලෙසට නියෝග කිරීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි.
සිය සේයාදායකයා අදාල දරුවාගේ පිතෘබාවය ප්‍රතික්ෂේප කරන බවයි නීතිඥවරයා පැවසුවේ.
අදාළ දරුවා ලැබුණු බව කියන කාල වකවානුවේ මෙම පැමිණිලිකාරිය විසින් ඉන්දීය ජාතික තරුණයෙකු සමග සම්බන්ධතාවක් පවත්වා ඇති බව යි කී නීතිඥවරයා ඒ සම්බන්ධ ඡායාරූපයක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. .
සිය සේවා දායකයා පැමිණිලි කාරණයගේ ඩීඑන්ඒ පරීක්‍ෂණයක් සිදු කරන බවට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවත් චාමික කරුණාරත්නගේ නීතිවරයා සඳහන් කළා.
නීචවරයා සඳහන් කළේ සිය සේවා දායකයාගේ පීතෘභාවය පිළි නොගන්නාබවයි.
නීතිඥ අසේල රැකව වැඩිදුරටත් සඳහන් කර සිටියේ පැමිණිලිකාරිය සිය සේවාදායකයාට චෝදනා එල්ල කරන්නේ නම් එය ඔප්පු කරනු ලැබිය යුත්තේ ඇය විසින් ම බවයි.
එම නිසා ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා චාමික කරුණාරත්න ට රුපියල් ලක්ෂ 10ක පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට නියම කර තිබෙනවා
ඉන් අනතුරුව නඩුව ජනවාරි මස 30 වන දා කැඳවන ලෙස යි නියෝග කර තිබෙන්නේ.














