දකුණු ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුවැටිය ආශ්‍රිතව පිහිටි ස්කී (Ski) නිකේතනයක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2026 නව වසර උදාව සැමරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක් අතරතුරයි මෙම ඛේදවාචකය සිදුව තිබෙන්නේ.
අලුත් අවුරුදු උදාවෙන් සුළු මොහොතකට පසු, එනම් අලුයම 1:30ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන අතර ගින්න හටගත් අවස්ථාවේ අවන්හල තුළ විශාල පිරිසක් රැඳී තිබෙනවා.
නිශ්චිත සංඛ්‍යාව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලිස් පරීක්ෂණවල මූලික නිගමනය වී ඇත්තේ සැමරුම් සඳහා භාවිත කළ ගිනිකෙළි ප්‍රදර්ශනයක් අතරතුර සිදුවූ පිපිරීමක් මෙම විනාශයට හේතු වන්නට ඇති බවයි.
සිද්ධියෙන් දැනට තහවුරු වී ඇති මරණ සංඛ්‍යාව 40ක් වන අතර අමතරව 100කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වුණේ.
ඔවුන්ගෙන් බහුතරයක් බරපතල පිළිස්සුම් තුවාල සහිතව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටීයි.
ප්‍රදේශයේ රෝහල් පද්ධතිය තුවාලකරුවන්ගෙන් පිරී පවතින අතර, බලධාරීන් පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.














