වාලච්චේන, කුඩුම්බිමලේ ප්‍රදේශයේ සඟවා තිබූ ස්වීඩනයේ නිෂ්පාදිත රොකට් විදිනයන් තුනක් සොයා ගැනීමට වාලච්චේන පොලිසිය සමත්ව තිබේ. පොළොන්නරුව යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත අරලගංවිල විශේෂ කාර්ය බලකා (STF) නිලධාරීන් සමඟ එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අවි තොගය සොයාගෙන ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, පාලත්චේනෙයි ප්‍රදේශයේ වළ දමා තිබූ මෙම රොකට් විදිනයන් කිසියම් පුද්ගලයෙකු විසින් ගොඩට ගෙන එම ප්‍රදේශයේම වෙනත් ස්ථානයක සඟවා තිබී ඇත. සොයාගත් අවි භාවිතයට ගත හැකි මට්ටමේ පවතින 84mm RCL M2 වර්ගයේ රොකට් විදිනයන් බව තහවුරු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.













