සිය වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අද (17) පැවති සාකච්ඡාව අසාර්ථක වී තිබේ.
මේ හේතුවෙන් පෙර සැලසුම් කල පරිදි හෙට (18) උදෑසන 07.00 ට සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක් සිදුකිරිමට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේෂ් මහතා මේ බව සඳහන් කළේය.