පෙබරවාරි 06 – 2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන පෙබරවාරි 17 වැනිදා ආරම්භ වීමට නියමිත බැවින්, ලබන 11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සියලුම උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තහනම පෙබරවාරි 26 වැනිදා විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක වේ.
විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයට අනුව, මෙම කාලසීමාව තුළ උපකාරක පන්ති සංවිධානය කිරීම, විෂයනුබද්ධ සම්මන්ත්‍රණ හෝ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හැරීම මෙන්ම පෝස්ටර්, බැනර් හෝ අත්පත්‍රිකා මගින් විභාග අපේක්ෂකයින්ට උපකාර කළ හැකි බවට ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වේ. මෙම නියෝග උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව 1968 අංක 25 දරන විභාග පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව ද දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 3,545කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.














