නාඩු සහල් තොග සඟවා තබා ගනිමින් පාරිභෝගිකයන්ට නාඩු සහල් නොමැති බව පැවසූ ගිනිගත්හේන නගරයේ සහල් තොග වෙළෙන්දෙකු ගිනිගත්හේන පොලිසියේ නිලධාරීන් සහ නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එක්ව වැටලීමක් සිදු කර සඟවා තිබූ සහල් තොග පාරිභෝගික සේවා අධිකාරියේ භාරයට ගැණින.
ගිනිගත්හේන ප්රෙදේශයේ පාරිභෝගිකයන් කිහිපදෙනෙකුගෙන් ගිනිගත්හේන පොලිසියට මේ සම්බන්ධයෙන් ලද තොරතුරු කිහිපයක් මත ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා, හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි නුවරඑලිය දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ සහය ඇතිව මෙම වෙළදසැල අද(20) දින හදිසි පරික්ෂාවට ලක් කර ඇත.