යුරෝපා සංගමය (EU) දෑත් සනීපාරක්ෂක (Hand Sanitizers) සහ අනෙකුත් ජීවනාශක නිෂ්පාදනවල (Biocidal Products) ක්‍රියාකාරී අමුද්‍රව්‍යයක් ලෙස එතනෝල් (Ethanol) භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව විදෙස් වාර්තා සදහන් කරයි.
ඒ අනුව, යුරෝපයේ පිළිකා අවදානම් ඉහළ ගොස් ඇති බවට හෙළිවීම් අනුව මෙම පියවර සලකා බැලෙන බව වාර්තා සඳහන් කරයි.
යුරෝපා රසායන ද්‍රව්‍ය ඒජන්සිය (European Chemicals Agency – ECHA) අයත් විශේෂ කණ්ඩායමක් විසින් ඔක්තෝබර් 10 වැනිදා නිකුත් කළ අභ්‍යන්තර නිර්දේශයක ද එතනෝල් පිළිබඳ විෂ සහිතත්වය පිළිබඳ අවධානය යොමු කර ඇත.
එමගින් එතනෝල් පිළිකා ඇති කිරීමට හා ගර්භනී සංකූලතා ඇති කිරීමට ඉඩ ඇති බවත්, එබැවින් පිරිසිදු කිරීමේ සහ ජීවනාශක නිෂ්පාදනවලින් එය ඉවත් කළ යුතු බවත් සඳහන් කරයි.
එහෙත්, ECHA ආයතනය පැවසන්නේ ඔවුන් තවමත් එතනෝල් භාවිතය පිළිබඳ විද්‍යාත්මක තක්සේරු කිරීමේ ක්‍රියාවලියක් සිදු කරමින් සිටින බවයි.
එහි විශේෂඥ කමිටුවේ තීරණය අනුව එතනෝල් මිනිස් ප්‍රජනනයට හෝ පිළිකා ඇති කිරීමට බලපාන බව තහවුරු වුවහොත්, විකල්ප ආදේශක ද්‍රව්‍යයක් යෝජනා කිරීමට නියමිතය.
ECHA ජීවනාශක නිෂ්පාදන කමිටුව ලබන නොවැම්බර් 25 සිට 28 දක්වා විශේෂ හමුවක් කැඳවීමට නියමිත වන අතර, තවමත් නිල නිගමනයක් ලබා නොදී ඇති බව සඳහන් කරයි. අවසාන තීරණය යුරෝපා කොමිසම මඟින්, එම කමිටුවේ විද්‍යාත්මක මතය මත පදනම්ව ගනු ඇත.
එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ, දෑත් සනීපාරක්ෂක සඳහා එතනෝල් සහ අයිසොප්‍රොපනෝල් යන ද්‍රව්‍ය දෙකම ආරක්ෂිත ලෙස භාවිතා කළ හැකි බවයි.