ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට නිල වාහන තිබියදී, චීන ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක මුදල් අවභාවිත කරමින් අතිරේක සැප වාහනයක් කුලී පදනම මත ලබාදී රජයට මූල්‍යමය පාඩු සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අත්අඩංගුවට ගත් මෙම නිලධාරියා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ (SDIG) සහෝදරයෙකු බව අනාවරණය වී ඇති අතර, හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් සාක්ෂි ලැබුණහොත් ඔහුව ද අත්අඩංගුවට ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.














